මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රොක් ඇන්ඩ් රෝල් රැජින දිවියට සමුදෙයි

2023 May 25- Page Views : 54

ලොව ජනප්‍රිය ගායිකාවක් සහ නිළියක් වන ටීනා ටර්නර් අභාවප්‍රාප්ත වී තිබේ.

"රොක් ඇන්ඩ් රෝල් රැජින" ලෙස ජනප්‍රියත්වට පත් ටීනා ටර්නර් මියයන විට 83වන වියේ පසුවුණි.

ඇය ස්විස්ටර්ලන්තයේ සුරිචි හි පිහිටි ඇගේ නිවසේදී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ටීනා 1939 නොවැම්බර් මස 26 වන දින අමෙරිකාවේ උපත ලබා පසුව ස්විස්ටර්ලන්තයේ පුරවැසිභාවය ලබා ගෙන තිබේ.

1957 වසරේ සිය ගායන ජීවිතය ආරම්භ කළ ටීනා ටර්නර් රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ රැජින ලෙස සළකනු ලැබීය.

ගායනයට අමතරව ඇය රංගන සහ නර්තන ශිල්පිනියක් ලෙසද ලොව පුරා රසික රසිකාවියන්ගේ ආදරයට පාත්‍ර වුණි.