WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කෙහෙළියට ලොකු ඔපරේෂන් එකක්! | විත්තිය නැතුව නඩුව දිනපතා අහයි

2026 January 13- Page Views : 6

හිටපු ඇමැති කෙහෙ­ළිය රඹු­ක්වැල්ල පිටකොන්දේ සැත්ක­ම­කට ලක්වීම නිසා නඩු විභා­ග­ය­කට මුහු­ණ­දී­මට තරම් ප්‍රමා­ණ­වත් සෞඛ්‍ය තත්ත්ව­යෙන් නොමැති බවට ඔහුගේ නීති­ඥ­වරු වෛද්‍ය වාර්තා ඉදි­රි­පත් කර­මින් කොළඹ මහා­ධි­ක­ර­ණ­යට ඊයේ (12) දැනුම්දුන්හ.

ඒ අනුව නඩුව පෙබ­ර­වාරි 13දා කැඳ­වී­මට කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු මොහො­මඩ් මිහාල් නියෝග කළේය.

පරි­සර ඇමැ­ති­ව­රයා ලෙස කට­යුතු කළ සමයේ ඔහුගේ පෞද්ග­ලික කාර්ය මණ්ඩ­ලයේ ලෙස සේවය කළ තැනැ­ත්තන් බව දක්වා බාහිර පුද්ග­ල­යන්ට වැටුප් හා දීමනා ගෙවන බව දක්ව­මින් එම මුදල් සිය බැංකු ගිණු­ම්ව­ලට බැර කර­ගැ­නීමේ චෝද­නාව යටතේ කෙහෙ­ළිය රඹු­ක්වැල්ල ඇතුළු ඔහුගේ පවුලේ උද­වි­යට එරෙ­හිව මෙම නඩුව ගොනු­කර තිබේ.

හිටපු ඇමැ­ති­ව­ර­යාට අම­ත­රව ඔහුගේ පුත් රමිත රඹු­ක්වැල්ල, වැඩි­ම­හල් දිය­ණිය අමාලි රඹු­ක්වැල්ල හා සේවි­කා­වක වන නිපුණී ක්‍රිෂ්ණ­ජිනා නමැති තැනැ­ත්ති­යට විරු­ද්ධව මෙම නඩුව අල්ලස් හෝ දූෂණ කොමි­සම විසින් පවරා ඇත.

පැමි­ණිල්ලේ 2, 3, 4 සාක්ෂි­ක­රු­වන්ගේ ප්‍රකාශ සහ නඩු භාණ්ඩ ලෙස නම්කර ඇති රස පරී­ක්ෂක වාර්තා සහ ජංගම දුර­ක­තන වාර්තා ඉදිරි නඩු දින විත්ති­යට භාර දෙන ලෙස මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රයා පැමි­ණි­ල්ලට නියෝග කළේය.

විත්ති­ක­රු­වන් රුපි­යල් 50,000 බැගින් වූ මුදල් ඇප සහ රුපි­යල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා­හැර ඇති අතර ඔවුන්ට ආග­මන විග­ම­නට තහ­න­මක් පනවා ඇත.

කෙහෙ­ළිය රඹු­ක්වැල්ල ඇතුළු විත්ති­ක­රු­වන් 12 දෙන­කුට විරු­ද්ධව පවරා ඇති බාල බෙහෙත් නඩුව කොළඹ ස්ථිර ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණය හමුවේ දින­පතා විභාග වේ.

එම නඩුව ඊයේ (12) විභා­ග­යට ගත් අව­ස්ථාවේ ඔහු අධි­ක­ර­ණයේ පෙනීනොසි­ටි­යේය.

විත්ති­කරු නොමැ­තිව නීති­ඥ­යන් මාර්ග­යෙන් නඩුව පවත්වා ගෙන යාමට සියලු පාර්ශ්ව එක­ඟ­වීම නිසා සාක්ෂි විම­සීම සිදු­විය.

හිටපු ඇමැ­ති­ව­රයා රෝද පුටු­වක ආධා­ර­යෙන් පසු­ගිය සතියේ මෙම නඩු­වට ඉදි­රි­පත් කෙරිණි.