ඩෙංගු සතියට සමගාමීව පාසල් පිරිසිදු කිරීම අද
2026 June 18- Page Views : 7
ජාතික ඩෙංගු මර්දන සතියට සමගාමීව අද (18) දිනයේ පාසල් ඇතුළු අධ්‍යාපන ආයතන පරිශ්‍ර ඉලක්ක කරගනිමින් ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව පාසල්, පෙර පාසල්, පෞද්ගලික පාසල් ආශ්‍රිත ප්‍රදේශ, සියලුම අධ්‍යාපන ආයතන පරිශ්‍රවල එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
පවතින දැඩි ඩෙංගු අවදානම් තත්ත්වය මැඩලීමේ අරමුණින් පසුගිය 15 වෙනිදා දින සිට ක්‍රියාත්මක වන පරිදි ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කරනු ලැබීය.
ඒ යටතේ හෙට (19) දිනයේ දී සියලුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මෙන්ම කර්මාන්ත ශාලා ඉලක්ක කරගනිමින් ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.
එමෙන්ම ලබන 20 වන දින පෞද්ගලික නිවාස සහ නිවාස අවට පරිශ්‍රයන්වල ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.