නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක්
2023 May 26- Page Views : 217
ඉදිරියේදී නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හඳුන්වාදෙන බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවෙල් මහතා පවසයි.
මෙලෙස රජය විසින් හඳුන්වාදීමට නියමිතව ඇත්තේ දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයකි.
රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ එම ක්‍රමවේදය ක්‍රියාත්මක කළ ලෝකයේ රටවල් රැසක් මේ වන විට ඉන් සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති බවය.
කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවෙල් මහතා මෙම අදහස් පළකළේය.