ලොව වේගවත්ම මිනිසා ලෙස වැජඹුණු ඔලිම්පික් ශූරයා මියයයි
2023 June 06- Page Views : 12
වසර 15ක් ලොව වේගවත්ම මිනිසා ලෙස වැජඹුණු ඔලිම්පික් ශූර ටීම් හයින්ස් ජීවිතක්ෂයට පත්වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
මීටර් 100 ධාවන තරගයක් තත්පර 10කට අඩු කාලයකින් නිමකළ පළමු මිනිසා ලෙස ඔහු සඳහන් වෙයි.
එක්සත් ජනපද ශූරතා තරගාවලියේදී මීටර් 100 තරගය තත්පර 9.9කින් නිමකරමින් හයින්ස් එම වාර්තාව තැබීය.
1968 මෙක්සිකෝ නගරයේ පවතී ඔලිම්පික් තරගාවලියේදී මීටර් 100 තරගය 9.95කින් නිමකළ හයින්ස් මියයන විට 76 හැවිරිදි වියේ පසුවිය.
ඔහුගේ ඔලිම්පික් වාර්තාව 1983දී අමෙරිකාවේ කැල්වින් ස්මිත් විසින් බිඳහෙළන තෙක් පැවතිණි.