ටෙස්ට් ලෝක ශූරයා ගැන අලුත්ම ඉඟිය
2023 June 06- Page Views : 358 ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරගය හෙට එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.
ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර තරගය පැවැත්වීමට නියමිතය.
2021 – 2023 වසරවලදී කණ්ඩායම් 09ක් සහභාගී වූ ටෙස්ට් තරග ප්‍රතිඵල මත ප්‍රසාද ලකුණු සටහනට අනුව පළමු සහ දෙවන කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබයි.
ඒ අනුව පළමු ස්ථානය ලබාගත් ඕස්ට්‍රේලියාව තරග 19න් 11ක් ජයගත් අතර ඉන්දියාව තරග 18න් 10ක් ජයගෙන දෙවන ස්ථානයට පත්වුණි.
මේ අතර හෙට ආරම්භ වන තරගය ජයගන්නා කණ්ඩායම පිළිබඳව හිටපු සුපිරි ක්‍රිකට් තරු 05ක් පළකළ අනාවැකියක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ.
හෙට තරගය ගැන මෙලෙස අනාවැකි පළකර ඇත්තේ රිකී පොන්ටින්, රවී ශාස්ත්‍රී, වසීම් අක්‍රම්, ඉයන් බෙල්, රොස් ටේලර් එම ක්‍රීඩකයින්ය.
කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයින් 5 දෙනා අතරින් තිදෙනෙකුම පවසා ඇත්තේ ටෙස්ට් ලෝක ශූරතාවය ඔස්ට්‍රේලියාව ජයගන්නා බවය.
ඔස්ට්‍රේලියා හිටපු සුපිරි ක්‍රීඩක රිකී පොන්ටින්, පාකිස්තානයේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක වසීම් අක්‍රම් සහ නවසීලන්ත හිටපු සුපිරි පිතිකරු රොස් ටේලර් මෙලෙස ඔස්ට්‍රේලියාව ජයගන්නා බවට අනාවැකි පළකර ඇත.
කෙසේ වෙතත් ඉන්දියාවෙන් බිහිවූ සුපිරි ක්‍රීඩකයෙකු වන රවී ශාස්ත්‍රී එහිදී අනාවැකි පළකර ඇත්තේ තරගයේ ප්‍රථමයෙන් ඉදිරියට එන කණ්ඩායමට වැඩි වාසි අත්විය හැකි බවය.
එසේම එංගලන්ත හිටපු සුපිරි ක්‍රීඩක ඉයන් බෙල් පවසා ඇත්තේ පන්දුවට හොඳින් පහරදෙන කණ්ඩායමට තරගයේ වැඩි වාසි අත්විය හැකි