ඇෆ්ගන් පිතිකරුවන් අසාර්ථක වෙයි
2023 June 07- Page Views : 359 ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන තෙවැනි සහ අවසාන එක්දින ජාත්‍යන්තර තරගය මේ වනවිට හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි.
එහිදී කාසියේ වාසිය දිනා පළමුවට පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලකුණු 116කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.
සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් නබී ලකුණු 23ක් රැස්කළේය.
දුෂ්මන්ත චමීර ලකුණු 63කට කඩුලු 4ක් දවා ගත්තේය. වනිඳු හසරංග ලකුණු 7ට කඩුලු 3යි.