WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකා සංචිතය නම්කරයි

2023 June 09- Page Views : 358

සිම්බාබ්වේහිදී පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

15 දෙනෙකුගෙන් සමන්විත සංචිතය සඳහා ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය හිමිව ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට දිමුත් කරුණාරත්න මෙන්ම මතීෂ පතිරණ ද ඇතුළත් කර තිබේ

කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, සදීර සමරවික්‍රම, වනිදු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, කසුන් රාජිත, ළහිරු කුමාර, මහීෂ් තීක්ෂණ සහ දුෂාන් හේමන්ත ඊට ඇතුළත් කර ඇති සෙසු ක්‍රීඩකයින් වෙයි.

තරගාවලිය සඳහා සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට සිම්බාබ්වේ බලා පිටත්ව යාමට නියමිතය.