WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඕනෑම මොහොතක වෙනස් වෙන්න සූදානම්

2023 June 10- Page Views : 359

ඕනෑම අවස්ථාවක සිය ස්ථානය වෙනස්කර ක්‍රීඩා කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ තරගවලට සහභාගී වීම සඳහා සිම්බාබ්වේ බලා පිටත්වීමට පෙර කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක,

"මටනම් පීඩනයක් නෑ මොකද මම තුන්වෙනි පාරට සුදුසුකම් ලැබීමේ වටයට සෙල්ලම් කරන්නේ. විස්සයි විස්ස දෙකක් සුදුසුකම් ලැබීමේ වටයේ සෙල්ලම් කළා. ඉතින් අපේ අවාසනාවකට අපිට හොඳින් සෙල්ලම් කරන්න බැරුව ගියා. පහුගිය වසර කිහිපය තුළ ඉතින් ඒක නිසා තමයි අපි සුදුසුකම් ලැබීමේ වටයට ගිහිල්ලා තියෙන්නේ. පීඩනයක් නෑ. මම හිතනවා ඒක හොඳයි කියලා මොකද ඒක අපිට අභියෝගයක්. අපි අභියෝගවලට කැමතියි. අනිවාර්යයෙන් ජයග්‍රහණය කරනවා කියලා විශ්වාසයි."

"මම ක්‍රීඩා කළේ අංක 06, පහුගිය තරගාවලියේ ක්‍රීඩා කළේ අංක 07, පිතිකරුවෙකු අඩුවුණොත් කළින් ක්‍රීඩා කරපු ආකාරයට මම අංක 06ට ඇවිල්ලා චාමික කරුණාරත්න ඉන්නවා. වනිඳු අංක 08 ක්‍රීඩා කළේ. අපි ඒක වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා පිතිකරණ ලැයිස්තුව. ධනංජය ද සිල්වා අංක 06ට ඇවිල්ලා ක්‍රීඩා කළා, ඔහු ක්‍රීඩා කළේ අංක 04 . වෙනස් වෙන්න පුළුවන් හැකියාවක් අපේ සංචිතය තුළ තියෙනවා."