WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ලෝක ටෙස්ට් ශූරතාවය ඔස්ට්‍රේලියාව ට

2023 June 11- Page Views : 358

ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් මහා තරගය ලකුණු 209කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

ටෙස්ට් තරගාවලියේ කසියේ වාසිය දිනූ ඉන්දිය කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ආරාධනා කළේය.

එහිදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 469ක් ලබාගත්තේය.

ඊට පිළිතුරු වශයෙන් ඉන්දීය කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 296ක් පමණි.

ඉන් අනතුරුව දෙවන ඉනිම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 270ක් ලබා සිටියදී පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබාදුනි.

එහිදී දෙවන ඉනිම වෙනුවෙන් ඉන්දීය කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 234ක් පමණි.

ඒ අනුව, 2023 ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් මහා තරගය ලකුණු 209කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමට හැකි වුණි.