ලසිත් මාලිංගට අලුත් වගකීමක්
2023 June 15- Page Views : 12
ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරතාව ජයග්‍රහණය සඳහා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් සුවිශේෂ මෙහෙයක් සිදුකළ ලසිත් මාලිංග යළිත් මුම්බායි ඉන්දියන්ස් සමග එක්වී ඇති බව වාර්තා වෙයි.
නමුත් ඔහු මෙවර එක්වී ඇත්තේ පුහුණුකරුවෙක් වශයෙනි.
අමෙරිකා එක්සත් ජනපදයේ අරම්භවීමට නියමිත Major League Cricket T20 තරගාවලියේ MI නිව්යෝර්ක් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ලසිත් මාලිංග ඔවුන් සමග එක්වීමට නියමිතය.
එම කණ්ඩායමේ නායකත්වය කයිරොන් පොලාඩ් දැරීමට නියමිතය.