ආසියානු ක්‍රිකට් කුසලානයේ තරග ශ්‍රී ලංකාවේදීත්
2023 June 15- Page Views : 12
ආසියානු කුසලාන 2023 ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා - පාකිස්ථාන සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් නිවේදනය කර තිබේ.
තරගාවලිය අගෝස්තු මස 31 වනදා සිට සැප්තැම්බර් මස 17 වනදා දක්වා පැවැත්වෙන බවද එම කවුන්සිලය අද (15) නිවේදනය කළේය.
ඒ අනුව තරග 13කින් සමන්විත තරගාවලියේ තරග 04ක් පාකිස්ථානයේ දීත් තරග 09ක් ශ්‍රී ලංකාවේදීත් පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.
වසර 15කට පසු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමේ අවස්ථාව මෙවර පාකිස්ථානයට හිමිවී තිබුණ ද ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් සිය කණ්ඩායම එරටට යොමු කිරීම ප්‍රතික්ෂේප කිරීමත් සමග තරගාවලිය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් මතුවී තිබුණි.
සාකච්ඡා වට ගණනාවකින් පසුව එය මෙලෙස දෙමුහුම් ආකෘතියක් යටතේ පාකිස්ථානයේ හා ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇති බව වාර්තා වෙයි.