WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මිල්කා ලෝක ශූරතා තරගාවලියට

2023 June 17- Page Views : 358

ශ්‍රී ලංකා ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිල්කා ගෙහානි ජිම්නාස්ටික් ලෝක ශූරතා තරගාවලියට ඊයේ (16) සුදුසුකම් ලබා ගත්තාය.

ඒ, සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියානු ආර්ටිස්ටික් ජිම්නාස්ටික් ශූරතා තරගාවලියේ 10වන ස්ථානය දිනා ගනිමිනි.

ආසියානු ආර්ටිස්ටික් ජිම්නාස්ටික් ශූරතා තරගාවලිය මේ දිනවල පැවැත්වෙන්නේ සිංගප්පූරුවේදීය.

ඒ සඳහා රටවල් රටවල් 20ක ක්‍රීඩික ක්‍රීඩිකාවන් රැසක් තරග වදී.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගාවලියට එක්වූ මිල්කා ගෙහානි ආසියානු ආර්ටිස්ටික් ජිම්නාස්ටික් ශූරතා තරගාවලියේ දහ වන ස්ථානය දිනා ගත්තේ ක්‍රීඩිකාවන් 53 දෙනෙකු අතරින්ය.

ඒ අනුව මෙවර බෙල්ජියමේ පැවැත්වෙන ලෝක ශුරතා ජිම්නාස්ටික් තරගාවලියට ඇය සුදුසුකම් ලැබීය.

ජාත්‍යන්තර තරගාවලි රැසක අත්දැකීම් බහුල ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක වන මිල්කා ගෙහානි 2021 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළාය.