WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකාවට එරෙහි පාකිස්තාන ක්‍රිකට් සංචිතය නම් කෙරේ

2023 June 17- Page Views : 358

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වන පාකිස්තාන සංචිතය නම් කර තිබේ.

ලබන මස මෙරටදී පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා බාබර් අසාම්ගේ නායකත්වයෙන් යුත් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වෙයි.

වසරකට අධික කාලයකට පසුව ශහීන් ශා අෆ්රිඩි යළි ටෙස්ට් කණ්ඩායමට කැඳවා ඇති අතර නවක ක්‍රීඩකයින් වන මොහොමඩ් හරෙයිරා සහ ආමර් ජමාල් සංචිතයට ඇතුළත් කර තිබේ.

පසුගිය වසරේ ජුලි මාසයේ ශ්‍රී ලංකා කණ්ඩායම සමග ගාල්ලේ දී පැවති තරගයක් අතරතුර ආබාධයකට ලක්වීමෙන් පසු ශහීන් අෆ්රිඩි ටෙස්ට් සංචිතයට කැඳවූ පළමු අවස්ථාව මෙය වෙයි.

තරගාවලිය සඳහා සහභාගීවීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ජුලි මස 9 වනිදා ශ්‍රී ලංකාව බලා පිටත්වීමට නියමිතය.