කාසියේ වාසිය සිම්බාබ්වේ ට
2023 June 18- Page Views : 358 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ A කාණ්ඩය යටතේ සිම්බාබ්වේ සහ නේපාලය අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.
ඒ අනුව, සිම්බාබ්වේ කණ්ඩායමේ නායකයා තීරණය කළේ පළමුවෙන් පන්දුව පහරදීමේ අවස්ථාව නේපාලය කණ්ඩායමට ලබාදීමටය.
මේ අතර A කාණ්ඩයේ තවත් තරගයක් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ අමෙරිකානු කණ්ඩායම අතර පැවැත්වෙයි.
එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට අමෙරිකානු කණ්ඩායම සමත්විය.
එහිදී අමෙරිකානු කණ්ඩායමේ නායකයා තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලබාදීමටය.