බ ඉ කො සහ සිම්බාබ්වේ ජය වාර්තා කරයි
2023 June 19- Page Views : 358 ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ඊයේ (18) පැවති බටහිර ඉන්දීය කොදෙව් සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය අතර තරගයකින් ලකුණු 39ක ජයක් වාර්තා කිරීමට කොදෙව් ක්‍රීඩකයින් සමත් විය.
එහිදී පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වෝ පන්දු ඕවර 49.3කදී සියලුදෙනා දැවී ලකුණු 297ක් රැස්කළහ.
ඊට පිළිතුරු ලෙස එක්සත් අරාබි එමිර් කණ්ඩායම රැස්කළේ කඩුලු 7ක් දැවී ලකුණු 258ක් පමණි.
අද පැවති අනෙක් තරගය පැවැත්වුණේ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ නේපාලය අතර ය.
ඉන් කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ සමත්විය.
පළමුව පන්දුවට පහරදුන් නේපාලය කඩුලු 8ක් දැවී ලකුණු 290ක් රැස්කළේය.
ලකුණු 291ක ඉලක්කයක් හඹාගිය සිම්බාබ්වේ කණ්ඩායම පන්දු ඕවර 44.1කදී කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රහණය ලබාගැනීමට සමත්විය.
සිම්බාබ්වේ වෙනුවෙන් ක්‍රෙග් අර්වින් (121) සහ ශෝන් විලියම්ස් (102) නොදැවී ශතක ලබාගැනීම විශේෂත්වයකි.