කාසියේ වාසියේ එක්සත් අරාබි එමීර් කණ්ඩායමට
2023 June 19- Page Views : 358 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම් අතර තරගය අද (19) පැවැත්වෙයි.
එම තරගයේ කාසියේ වාසිය දිනාගත් එක්සත් අරාබි එමීර් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායම
පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දසුන් ශානක, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, ළහිරු කුමාර.
එක්සත් අරාබි එමීර් කණ්ඩායම
මුහම්මද් වසීම්, රොහාන් මුස්ටාෆා, රිත්යා අරවින්ද්, බැසිල් හමීඩ්, අසිෆ් ඛාන්, රමීස් ශශාඩ්, අලි නසීර්, අෆ්සාල් ඛාන්, කර්තික් මෙයියප්පන්, සහූර් ඛාන් සහ මුහම්මද් ජවදුල්ලා.
මේ අතර අද දිනයේ පැවැත්වෙන අනෙක් තරගය ඕමානය සහ අයර්ලන්තය අතර බුලවායෝ හීදී පැවැත්වෙයි.
එම තරගයේ කාසියේ වාසිය ඕමාන කණ්ඩායම හිමිකර ගත්තේය.
ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමට අයර්ලන්ත කණ්ඩායමට ආරාධනා කිරීමට ය.