WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අමෙරිකාවට තවත් පරාජයක්

2023 June 22- Page Views : 358

ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ වටයේ අමෙරිකාවට එරෙහි පැවති තරගය කඩුලු 5කින් ජයගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්විය.

එහිදී පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්තය පන්දු ඕවර 43 යි පන්දු 2කදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 214ක් රැස්කරගනිමින් තරගයේ ජය හිමිකරගත්තේය.

අගනා පිතිහරඹයක නිරත වූ නායක Scott Edwards නොදැවී ලකුණු 67ක් රැස්කරගනිමින් කණ්ඩායම ජයග්‍රහණය කර ගෙන ගියේය.

ඔහුට අගනා සහායක් ලබාදුන් Teja Nidamanuru ලකුණු 58ක් රැස්කරගත්තේය.

Jessy Singh අමෙරිකාව වෙනුවෙන් කඩුලු 2ක් දවාගත්තේය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අමෙරිකාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කරගත්තේ ලකුණු 211කි.