ඕමානයට එරෙහිව ශ්‍රී ලංකාව තරග බිමට
2023 June 23- Page Views : 358 එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන තරගය ඕමාන කණ්ඩායමට එරෙහිව අද (23) පැවැත්වෙයි.
තරගය මෙරට වේලාවෙන් අද දහවල් 12.30ට ආරම්භවීමට නියමිතය.
එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ සිය පළමු තරගය ශ්‍රී ලංකාව ලකුණු 175කින් ජයගත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පරාජය කරමින්.
එම ජයත් සමග ශ්‍රී ලංකාව මේ වනවිට බී කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පසුවන්නේ දෙවන ස්ථානයේය.
ඕමානය සුදුසුකම් ලබාගැනීමේ තරග වටයේ මේ දක්වා සහභාගී වූ තරග දෙකම ජයගනිමින් එම කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙයි.
පැවති තරග දෙකේදී ඕමානය, අයර්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය පරාජය කිරීමට සමත්වුණි.
ඕමාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු නායක දුලිප් මෙන්ඩිස් කටයුතු කරයි.
ඕමානය සහ ශ්‍රී ලංකාව අතර ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් මෙලෙස පැවත්වෙන්නේ ඉතිහාසයේ පළමු වරටය.
ඕමානය සමග අද පැවත්වෙන තරගයට දුෂ්මන්ත චමීර කැඳවනු ඇති බවද වාර්තා වෙයි.