WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඕමානය ලකුණු 98යි

2023 June 23- Page Views : 219

ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ වටයේ 11 වන තරගය ශ්‍රී ලංකාව සහ ඕමානය අතර දැන් බුලවායෝ හිදී පැවැත්වෙයි.

එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕමාන ක්‍රීඩකයින් පන්දුවාර 30යි පන්දු 2කදී ලකුණු 98ක් ලබා සිටියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ සියලුදෙනා දැවී ගියේය.

සුපිරි පන්දු යැවීමක නිරතවූ වනිඳු හසරංග ලකුණු 13කට කඩුලු 5ක් දවාගැනීමට සමත්විය.

ලහිරු කුමාර කඩුලු 3ක් සහ කසුන් රාජිත එක් කඩුල්ලක් දවාගත්තේය.

ඕමානය වෙනුවෙන් යම්තාක් දුරට සාර්ථක පිතිකරණයක නියැලුණේ Ayaan Khan පමණි.

පන්දු 60කදී ඔහු ලකුණු 41ක් රැස්කරගැනීමට සමත්විය.

Jatinder Singh ලකුණු 21ක් ලබා ගත්තේය.