කාසියේ වාසිය කොදෙව්වන්ට
2023 June 24- Page Views : 219
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තවත් තරග 02ක් අද (24) පැවැත් වේ.
එක් තරගයක් සිම්බාබ්වේ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙයි.
එහි කාසියේ වාසිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම දිනාගත් අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය.
එමෙන්ම නෙදර්ලන්ත කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර අනෙක් තරගයේ කාසියේ වාසිය නෙදර්ලන්තය දිනාගත්තේය.
ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව නේපාලයට ලබාදීමටය.