දුෂ්මන්ත චමීර ගැන තීරණයක්
2023 June 24- Page Views : 358 වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග වටයේ මූලික වටයේදී විවේක ගැන්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තුන්වැනි තරගය අයර්ලන්තයට එරෙහිව හෙට (25) පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා සහ අයර්ලන්ත තරගය B කාණ්ඩය යටතේ පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව කණ්ඩායම හෙට තරගයට පිවිසෙන්නේ මේ දක්වා මූලික වටයේ සහභාගී වූ තරග දෙකම ජය ගනිමිනි.
අයර්ලන්ත කණ්ඩායම මේ දක්වා සහභාගී වූ තරග දෙකම පරාජයට පත්වී ඇති අතර ශ්‍රී ලංකාව හමුවේ හෙට තරගය පරාජය පත්වුවහොත් ඔවුන්ට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවනු ඇත.
B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව අපරාජිතව පෙරමුණේ පසුවන අතර ස්කොට්ලන්තය සහ ඕමානය පිළිවෙලින් දෙවන සහ තුන්වැනි ස්ථානවල පසුවෙයි.
B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන තුන හිමිකර ගන්නා කණ්ඩායම් 3 සුපිරි හයදෙනාගේ වටයට සුදුසුකම් ලබනු ඇත.