WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකා රග්බි වෙත කොළ එළියක්

2023 June 26- Page Views : 358

ජාත්‍යන්තර රග්බි සම්මේලනයේ නිලධාරීන් කණ්ඩායමක් ජුලි 4වැනිදා දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ඒ අත්හිටුවා ඇති ශ්‍රී ලංකා සාමාජිකත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහාය.

ජාත්‍යන්තර රග්බි සම්මේලනයේ ජාත්‍යන්තර සබදතා ප්‍රධානී ඩේවිඩ් කැරිදි විසින් ශ්‍රී ලංකා රග්බි ප්‍රධාන විධායක නිලධාරී හසන් සිංහවංශ වෙත ලිපියක් යවමින් ප්‍රකාශ කර ඇත්තේ තම කණ්ඩායම ජූලි 4 වනදා පැමිණෙන බවත් ඔවුන් ජුලි 5වනදා සවස දෙකට නිලවරණයෙන් තේරී පත් වූ රිස්ලි ඉල්ලියාස් ප්‍රමුඛ රග්බි නිලධාරී මඩුල්ල සමග සාකච්ඡාවකට එක්වන බවත්ය.