WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කාසියේ වාසිය ස්කොට්ලන්තයට

2023 June 27- Page Views : 358

ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර තරගය අද (27) පැවැත්වෙයි.

B කාණ්ඩය යටතේ එම තරගය බුලවයෝ හිදී පැවැත්වෙයි.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ස්කොට්ලන්ත කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

මෙම තරගය වනිඳු හසරංග ට විශේෂය.

මෙතෙක් මෙම තරගාවලියේ සහභාගී වූ තරග තුනේදීම කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් ලබාගැනීමට ඔහු සමත් විය.

අද තරගයේදීද ඔහු කඩුලු 5ක් ලබාගතහොත් එක්දින ජාත්‍යන්තර තරගවලදී කඩුලු 5 බැගින් පිට පිට තරග 4කදී ලබාගත් පළමු පන්දු යවන්නා ඔහු වෙයි.

මේ අතර අද පැවැත්වෙන දෙවැනි තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ අයර්ලන්තය අතර පැවැත්වෙයි.

එහි කාසියේ වාසිය දිනූ UAE කණ්ඩායම, පළමුව පන්දුවට පහරදීමට අයර්ලන්ත කණ්ඩායමට ඇරයුම් කළේය.