WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවට ඒමට එකඟ වෙයි

2023 June 27- Page Views : 358

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් තරගයකට සහභාගී වීම සඳහා ඉන්දියාවට පැමිණීමට එකඟවී තිබේ.

ඒ අනුව දෙරට අතර තරගය ඔක්තෝබර් 15 වනදා අහමදාබාද් හිදී පැවැත්වෙයි.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ තරග 48ක් ක්‍රීඩාංගණ 12කදී පැවැත්වීමට නියමිත අතර 2023 නොවැම්බර් 19 වනදා අවසන් මහා තරගය අහමදාබාද් හිදී පැවැත්වෙයි.

පාකිස්තාන කණ්ඩායම ඉන්දියාවට එයිදැයි යන්න සම්බන්ධයෙන් පැවතියේ අවිනිශ්චිතතාවයකි.

පාකිස්තානය අවසන්වරට ඉන්දියාවේ සංචාරය කළේ 2016 වසරේදී, T20 ලෝක කුසලාන තරගාවලියට සහභාගීවීම සඳහා ය.

නමුත් 2008 පසු ඉන්දියාව, පාකිස්තානයේ සංචාරය කර නොමැත