විම්බල්ඩන් පිටියේ හූ හඬ පැතිරේ
2023 July 10- Page Views : 12
ඊයේ (09) එංගලන්තයේ විම්බල්ඩන් ටෙනිස් තරගයක් අවසානයේදී ප්‍රේක්ෂකයින් හූ කියමින් ක්‍රීඩිකාවකට සිය විරෝධය පළ කළේය.
ඒ බෙලරූස් ක්‍රීඩිකා වික්ටෝරියා ඇසරෙන්කා ට එරෙහිවය.
ඇය ඊයේ තියුණු තරගයකින් අනතුරුව යුක්‍රේන ක්‍රීඩිකා එලීනා ස්විටෝලීනා ට පරාජය වූවාය.
යුක්‍රේන - රුසියා යුද ගැටුම් හේතුවෙන් ස්විටෝලීනා, රුසියානු සහ බෙලරූස් ක්‍රීඩිකාවන්ට තරගයක් ආරම්භයේදී හෝ අවසානයේදී අතට අත දී ආචාර නොකරයි.
එහෙත් ඊයේ බෙලරූස් ක්‍රීඩිකාව තරගයෙන් අනතුරුව යුක්‍රේන ක්‍රීඩිකාවට ආචාර කිරීමට රැඳී සිටින විට තරගය නැරඹීමට පැමිණ සිටි ප්‍රේක්ෂකයින් හූ කියමින් ඇයට සිය විරෝධය පළකළේය.