All Blacks හිටපු සුපිරි තරුව බිහිසුණු අනතුරක
2023 July 11- Page Views : 220
All Blacks කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක Carl Hayman අනතුරකට ලක්ව රෝහල්ගතකර ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ අනතුරින් ඔහු බරපතළ තුවාල ලබා ඇති බවය.
පාපැදියෙන් ඇදවැටී සිදුවූ මෙම අනතුරින් ඔහුගේ ඉදිරිපස ගෙළ ආශ්‍රිත අස්ථියක් (collarbone) බිඳී ගොස් ඇති බවද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත.
ඩිමෙන්ශියා රෝගී තත්ත්වය සඳහා ප්‍රතිකාර ලබමින් සිටින ඔහු මේ වනවිට 41 හැවිරිදි වියේ පසුවෙයි.
අනතුරට ලක්වීමත් සමඟ ඔහුව ප්‍රතිකාර සඳහා හෙළිකොප්ටර් යානයකින් නවසීලන්තයේ ප්‍රධානපෙළේ රෝහලක් වෙත ගෙනවිත් ඇත.