අලු බඳුන සිව් වන තරගයේ අවසන් දිනය අද
2023 July 23- Page Views : 358 අලු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව් වන ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි.
ඊයේ (22) දිනයේ තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 214ක් ලබා සිටියහ.
ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිම සදහා සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 317ක් ලබාගත් අතර, එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම සදහා ලකුණු 592ක් ලබා ගැනීමට සමත් විය.
මේ වනවිට අලු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය දෙකට එකක් ලෙස ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඉදිරියෙන් පසුවෙයි.