WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ආසියානු කුසලාන සුපිරි වටයේ තරග සඳහා ටිකට් ගත් ක්‍රීඩාලෝලීන්ට දැනුම් දීමක්

2023 September 08- Page Views : 220

ඉන්දියාව සහ පාකිස්තානය අතර සැප්තැම්බර් 10 වනදා පැවැත්වෙන ආසියානු කුසලාන සුපර් 4 තරගය සඳහා අතිරේක දිනයක් ප්‍රකාශයට පත්කර තිබේ.

එම තරගය කොළඹ ඛෙත්තාරාම ක්‍රිකට් පිටියේදී පැවැත්වෙයි.

යම් හෙයකින් 10 වනදා තරගය අතරතුර ඊට වර්ෂාවෙන් බාධා ඇතිවුවහොත් එතැන් සිට තරගය පසුදින එනම් 11 වනදා පවත්වන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.

තරගය සඳහා ප්‍රවේශපත් ලබාගත් ක්‍රිකට් ලෝලීන්ට දැනුම්දෙන්නේ එම ප්‍රවේශපත් අතිරේක දිනය සඳහා ද වලංගු බවයි.