WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ළඟම ක්‍රිකට් ෆෑන්ස්ලා එකතුවී නවසීලන්ත ලෝක කුසලාන සංචිතය එළිදක්වයි

2023 September 11- Page Views : 217

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන නවසීලන්තය කණ්ඩායම නම්කර තිබේ.

එම කණ්ඩායම එළිදැක්වීම සඳහා නැවුම් ක්‍රමවේදයක් භාවිත කිරීමට නවසීලන්ත ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන තිබුණි.

එහිදී ක්‍රීඩකයින්ගේ දරුවන්, බිරිඳෑවරුන්, පෙම්වතියන් සහ මව්වරුන් අදාළ ක්‍රීඩකයාගේ කැප් අංකය සහ නම පවසන අයුරින් සැකසූ වීඩියෝවක් සමාජ මාධ්‍යට මුදාහැර තිබේ.

නවසීලන්ත සංචිතයේ නායකත්වය කේන් විලියම්සන් විසින් දරයි. අනෙකුත් ක්‍රීඩකයින් වන්නේ...

ට්‍රෙන්ට් බෝල්ට්, මාක් චැප්මන්, ඩෙවොන් කොන්වෙ, ලොකී ෆර්ගියුසන්, මැට් හෙන්රි, ටොම් ලේතම්, ඩැරිල් මිචෙල්, ජිමී නීෂම්, ග්ලෙන් පිලිප්ස්, රචින් රවින්ද්‍රා, මිචෙල් සැන්ටර්, ඉෂ් සෝධි, ටීම් සවුති සහ විල් යංග් ය.