කාන්තා ක්‍රිකට් කණ්ඩායම අවසාන මහා තරගය
2023 September 24- Page Views : 221
ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.
ඒ, අවසන් පූර්ව තරගයේ දී පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජය කරමිනි.
පළමුව පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 75ක් ලබා ගැනීමට සමත් විය.
ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 76කි.
පන්දු වාර 16යි පන්දු තුනක් අවසානයේ කඩුලු හතරක් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කළේය.