පොල් සොරකමේ ගිය පුද්ගලයාට වෙඩි ප්‍රහාරයක්
2023 October 02- Page Views : 51 පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් වත්තක පොල් සොරකම් කිරීමට ගිය පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.
අප වාර්තාකරු පැවසුවේ අදාළ වත්තේ මුරකරු විසින් වෙඩිතැබීම සිදුකර ඇති බවය.
වෙඩිතැබීමෙන් තුවාල ලැබු පුද්ගලයා කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පන්නල පොලීසිය සඳහන් කළේය.
ඊයේ (01) සවස 5.20ට පමණ වෙඩිතැබීම සිදුව තිබුණි.
වෙඩිතැබීමෙන් තුවාල ලබා ඇත්තේ, යක්විල - හැගව පදිංචිකරුවෙකි.
තමා පොල් සොරකම් කිරීමට ගිය අවස්ථාවේ දී වත්තේ මුරකරු විසින් වෙඩිතැබීම සිදුකළ බවට තුවාල ලැබු පුද්ගලයා පොලීසියට ප්‍රකාශයක් ලබාදී ඇත.
තුවාලකරුගේ වම් අතට සහ කොන්දට වෙඩි වැදී ඇතැයි අනාවරණය වී තිබේ.
වෙඩිතැබීම සිදුකළ මුරකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, පන්නල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.