WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පොත් අලෙවිසැලේ පිහි ඇනුමෙන් දෙකක් රෝහලේ

2023 November 20- Page Views : 38

න්නිපිටිය මාඹුල්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන පොත් අලෙවි මධ්‍යස්ථානයකට පැමිණි නාදුනන පුද්ගලයකු විසින් කඩුවක් වැනි තියුණු ආයුධයකින් සිදුකල පහරදීමකින් එම අලෙවිසැලෙහි හිමිකරු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

අදාල පොත් අලෙවිසැලෙහි හිමිකරු එම ස්ථානයේ සිටින විට එක්වරම පැමිණි නාදුනන පුද්ගලයා සගවා ගෙන සිටි කඩුවක් වැනි තියුණු ආයුධයක් එළියට ගෙන වෙළඳසැල් එහි හිමිකරුට ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එය බේරීමට පැමිණි අසල්වැසි පුද්ගලයෙකුට ද සැකකාර නාදුනන පුද්ගලයා විසින් තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ද ඇතැයිද පොලිසිය පවසයි.

අදාළ සිද්ධිය සමථයට පැමිණි අසල්වැසි පුද්ගලයාට එල්ල වූ තියුණු ආයුධ ප්‍රහාරය නිසාවෙන් ඔහුගේ ගෙලට දැඩි ලෙස හානි වී ඇතැයි ද වෙළඳසැලේ හිමිකරුද කැපුම් තුවාල සහිතව රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි.