WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගැටුම් නැවත ඇරඹෙයි

2023 December 01- Page Views : 359

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර දින 7ක් පුරා පැවති සටන් විරාමය නිමාකරමින් නැවතත් ගැටුම් ආරම්භ වී ඇති බව වාර්තා වෙයි.

ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවේ ගාසා තීරයේ සිට ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර එල්ලකර ඇති බවත් එම රොකට් බිම හෙළීමට ඊශ්‍රායල හමුදාව සමත්වී ඇති බවත් ය.

ඊයේ (30) වනවිට ගාසා හි රඳවාගෙන සිටි ඊශ්‍රායලයෙන් පැහැරගත් ප්‍රාණඇපකරුවන් 110 ක් මෙන්ම ඊශ්‍රායලයේ සිරකඳවුරු වල රඳවා සිටි පලස්තීනුවන් 240ක් ද නිදහස් කර තිබේ.

මේ අතර ඊශ්‍රායල ආරක්ෂක බලකාය පැවසුවේ ගාසා තීරයේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ලකළ බවයි.