WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගාසා තීරයේ සටන් දැඩි වෙයි

2023 December 02- Page Views : 77

දින හතක සටන් විරාමය අවසන් වීමෙන් පසු යළිත් ගාසා තීරයේ සටන් ආරම්භ වී තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, සටන් විරාමය දීර්ඝ කිරීමට එකඟ වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය සහ හමාස් එකිනෙකාට චෝදනා කරගෙන ඇති බවයි.

සටන් විරාමයෙන් පසු එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයන් 178 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කර ඇත.

ඔවුන්ගෙන් වැඩි දෙනෙකු ළමුන් සහ කාන්තාවන් වන අතර තුවාල ලැබූ සංඛ්‍යාව 589ක් බව සඳහන්ය.

ත්‍රස්ත ඉලක්ක 200කට පහර දුන් බවට ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.