සජබ මන්ත්‍රී වඩිවේල් ජනාධිපති උපදේශක කරයි
2023 December 07- Page Views : 26 සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා ජනාධිපති උපදේශක තනතුරකට පත්කර තිබේ.
උඩරට දෙමළ ජනතාව ශ්‍රී ලාංකේය සමාජයට පූර්ණ ලෙස ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් උපදේශන කටයුතු වඩිවෙල් සුරේෂ් මහතාට පවරා තිබේ.
අදාළ කාරණය සම්බන්ධයෙන් නුවරඑළිය, බදුල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක වල කටයුතු මෙහෙයවීමද වඩිවෙල් සුරේෂ් මහතාට පැවරුණු වගකීම් අතර වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ පත්කිරීම සිදුකර ඇත.