TikTok සමග එක්වූ බයිඩන්
2024 February 13- Page Views : 1878
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් TikTok සමාජ මාධ්‍ය සමග එක්වී තිබේ.
ජනාධිපතිවරයා "@bidenhq" යන පරිශීලක නාමය යටතේ TikTok ගිණුම ආරම්භ කර ඇති අතර "lol hey guys" පාඨය යටතේ සිය පළමු වීඩියෝව නිකුත් කර තිබිණි.
මෙම ගිණුම මැතිවරණ ප්‍රචාරක කණ්ඩායම විසින් හසුරුවනු ලබන බව වාර්තා වේ.
ජනාධිපති බයිඩන් මෙලෙස TikTok ගිණුමක් ආරම්භ කළේ, ආරක්ෂක හේතූන් මත අමෙරිකානු රජයේ උපාංග රැසකින් TikTok තහනම් කර ඇති පසුබිමකය.