WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

හොර පාරේ ගිය කොට ලොරිය මඩේ

2024 March 04- Page Views : 19

නීතිවිරෝධි ලෙස තේක්ක කඳන් තොගයක් ප්‍රවාහනය කරමින් තිබු කැබ් රථයක් කරුවලගස්වැව දෙකේ යාය ප්‍රදේශයේ දී මඩ වගුරකට වැටී අනතුරක් සිදුව තිබේ.

නීතිවිරෝධි ලෙස තේක්ක කඳන් ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත නවගත්තේගම වනජීවි නිලධාරී කණ්ඩායමක් විසින් ඊයේ (03) මෙම කැබ් රථය ලුහුබැඳ එය නවත්වන ලෙසට අණ කර ඇත.

එහිදී වනජීවි නිලධාරින්ගෙන් මිදී පළායාමට කැබ් රථයේ රියදුරු උත්සාහ දරා ඇති අතර, ඔහු ගමන් මාර්ගය වෙනස් කරමින් රථය ධාවනය කර ඇත.

එම අවස්ථාවේ දී මඩ වගුරකට වැටී කැබ් රථය මඩේ එරී ඇති අතර, සැකකරුවන් කැබ් රථය එම ස්ථානයේ දමා පළා ගොස් තිබේ. ‍

මෙසේ පළා ගොස් ඇත්තේ පුත්තලම හා කල්අඩිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පසුව සිදුකළ විමර්ශනවලදී හෙළි වී තිබිණි.

පසුගිය ජනවාරි මස 9 වනදා ද මෙම කැබ් රථයම නීතිවිරෝධි දැව කඳන් 30ක් සමග නවගත්තේගම පොලීසිය විසින් සිය භාරයට ගෙන පසුව බැඳුම්කරයක් මත නිදහස් කර ඇත.

ඉන් පසුවද දිගින් දිගටම මෙම කැබ් රථය යොදා ගනිමින් දැව ජාවාරම් සිදුකරන බවට ලද තොරතුරක් මත නවගත්තේගම වනජීවී නිලධාරීන් මෙම මෙහෙයුම සිදුකර තිබේ.

බැකෝ යන්ත්‍රයක් යොදා ගැනිමින් මඩ වගුරේ එරී තිබූ කැබ් රථය ගොඩට ගෙන තේක්ක කඳන් ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ.