අමෙරිකාවෙන් ඉරානය ගැන අනතුරු ඇඟවීමක්
2024 April 24- Page Views : 220
ඉරානය සමග වෙළෙඳ ගනුදෙනු සිදුකරන රටවල්වලට එරෙහිව සම්බාධක පැනවීමේ අවදානමක් ඇතැයි අමෙරිකාව අද අනතුරු ඇඟවීය.
අමෙරිකාව මෙම අනතුරු ඇඟවීම සිදුකළේ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි පාකිස්තානයේ දින 3ක සංචාරය අද (24) නිමකර ශ්‍රී ලංකාව බලා පිටත් වීමෙන් පසුවය.
ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරය අතරතුරදී පාකිස්තානය සහ ඉරානය අතර අවබෝධතා ගිවිසුම් 8ක් අත්සන් කෙරුණු අතර දෙරට අතර වෙළෙඳාම ඩොලර් බිලියන 10ක් දක්වා වැඩිකිරීමට ද ඉන් යෝජනා කර තිබුණි.
ඉරාන ජනපතිවරයා සඳුදා (22) පාකිස්තානයට පැමිණියේය. ඔහුගේ සංචාරයේ එක ප්‍රධාන අරමුණක් ලෙස සඳහන් වූයේ දෙරට අතර පැවති ගැටලු නිරාකරණය කර ගැනීම ය.
මෙම වසර මුලදී ඉරානය සහ පාකිස්තානය එකිනෙකාට ප්‍රහාර එල්ලකර ගත්තේය.