චෙන්නායි කණ්ඩායමට තවත් ජයක් මතීෂට කඩුලු දෙකක් එක්කර දෙමින්
2024 April 29- Page Views : 358 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 78ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සමත්ව තිබේ.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 212ක් ලබා ගත්තේය.
එහිදී නායක, Ruturaj Gaikwad ලකුණු 98ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගත හැකිවුයේ ලකණු 134ක් පමණයි.
පන්දු යැවීමේ දී සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඊයේ (28) දිනයේ දීත් කඩුලු 02ක් බිඳහෙළීමට සමත් වුණි.
ඒ අනුව ඔහු තරග 06ක දී කඩුලු 13ක් බිඳ හෙළා තිබේ.