T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය
2024 May 10- Page Views : 221
එළඹෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය ඊයේ (09) ප්‍රකාශයට පත් කෙරුණි.
වනිදු හසරංගගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් ය.
ඒ අනුව ලෝක කුසලානයට සහභාගී වන 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය මැයි මස 14 වන දින දිවයිනෙන් පිටත්ව යන බව සඳහන් වෙයි.
පන්දුවාර 20 -20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජුනි 01 වනදා සිට 29 වනදා දක්වා අමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් හිදී පැවැත්වීමට නියමිතය.