WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා පත් කෙරෙයි

2024 May 16- Page Views : 41

ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා ලෙස ඩබ්ලිව්. ඒ. චූලානන්ද පෙරේරා මහතා පත් කර තිබේ.

ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (විශ්‍රාමික) විශේෂ ශ්‍රේණිධාරියෙකු බවය.

ඒ අනුව පනත ප්‍රකාරව ලියාපදිංචි ජාතික ක්‍රීඩා සංගමයක හෝ සම්මේලනයක යම් තීරණයකින් හෝ ක්‍රියාවකින් අගතියතට පත් ඕනෑම තැනැත්තෙකු සම්බන්ධයෙන් ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම ඔහුගේ රාජකාරී අතර වෙයි.