රජයේ සහ රජය අනුමත පෞද්ගලික පාසල් අද ඇරඹේ
2024 May 20- Page Views : 3 රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ තුන්වන අදියර අද (20) ආරම්භ වීමට නියමිතය.
පළමු වාරයේ තුන්වන අදියර ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේය.
මේ අතර පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද දිනයේ වසා තැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබේ.
දිවයිනේ පවතින තද වැසිතත්වය හේතුවෙන් පුත්තලම් දිස්ත්‍රික්කයට ජලගැලීම් තත්ත්වයක් උද්ගත වී ඇති බවත්, පුත්තලම් දිස්ත්‍රික් ලේකම්වරයා සහ වයඹ පලාත් ප්‍රධාන ලේකම්වරිය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවත් සඳහන්.
ඒ අනුව පුත්තලම කලාපයේ පාසල් 213ක් සහ හලාවත කලාපයේ පාසල් 158ක් අද දිනයේ පමණක් වසා තැබෙනු ඇත.
මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ මුහුණදෙන ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් සිය මෙහෙයුම් මැදිරිය දැනුවත් කරන ලෙස ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි.
එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් උදය හේරත් මහතා පවසන්නේ පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් මධ්‍යස්ථානයට ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබා දිය හැකි බවය.