WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අප්‍රේල් මාසයේ දී මෙරට නිෂ්පාදන ක්‍රියාකාරකම්වල පසුබෑමක්

2024 May 20- Page Views : 39

අප්‍රේල් මාසයේ දී මෙරට නිෂ්පාදන ක්‍රියාකාරකම්වල පසුබෑමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මාර්තු මාසයේ සියයට 62.05ක් ලෙස පැවති නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය පසුගිය මාසයේ දී සියයට 42ක් ලෙස වාර්තා වී තිබේ.

ඒ අනුව, මාසය තුළදී නව ඇණවුම්, නිෂ්පාදන, සේවා නියුක්තිය සහ තොග මිලදී ගැනුම් උපදර්ශක පහළ වැටීමෙහි ප්‍රතිඵලයක් ලෙස සමස්ත දර්ශයක පහත වැටී ඇති බව මහ බැංකුව පවසයි.

මෙම පසුබැසීම සඳහා මූලික වශයෙන් සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩු හේතුවෙන් අප්‍රේල් මාසයේදී කර්මාන්ත ශාලා බොහොමයක් තාවකාලිකව වසා දැමීම බලපා ඇති අතර දීර්ඝ නිවාඩු දින හේතුවෙන් ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය පෙර මාසයට සාපේක්ෂට අප්‍රේල් මාසයේ දී වැඩි වේගයකින් ඉහළ යන ගොස් ඇති බව ද සඳහන්ය.

සේවා අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය සියයට 56.7ක් ලෙස මන්දගාමී වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

මාර්තු මාසයේ ප්‍රතිපත්ති පොලී අනුපාත අඩු කිරීමත් සමඟ මූල්‍ය සේවා උප අංශයේ ව්‍යාපාර ක්‍රියාකාරකම් තව දුරටත් වර්ධනය වී ඇති අතර උත්සව සමයේ පැවති ඉල්ලුම මධ්‍යයේ තොග සහ සිල්ලර වෙළෙඳාම උප අංශයේ ව්‍යාපාරවල ක්‍රියාකාරකම්වල සැලකිය යුතු ප්‍රගතියක් ඇති වී ඇති බව සඳහන්ය.

මේ අතර, වැඩසටහන් සහ විකාශන, විදුලි සංදේශ, සහ දේපළ වෙළඳාම යන උප අංශ ද අප්‍රේල් මාසය තුළ ධනාත්මක වර්ධනයන් වාර්තා කර තිබිණි.

කෙසේවුවත් මාර්තු මාසයට සාපේක්ෂව අප්‍රේල් මාසයේ දී සංචාරක පැමිණීම් පහළ යෑමට සමගාමීව නවාතැන් හා ආහාරපාන සැපයීමේ සේවා උප අංශය සුළු වශයෙන් පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.