WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ජය

2024 June 22- Page Views : 217

අයි.සී.සී 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ "සුපර් 08" වටයේ අමෙරිකාවත් සමඟ පැවති තරගය කඩුලු 9කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට අමෙරිකානු කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව පන්දුවට පහරදුන් අමෙරිකානු කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 5 ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 128 ක් රැස්කළේය.

පිළිතුරු ඉනිම සඳහා 129ක ඉලක්කයක් හඹාගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 10යි පන්දු 5 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 130 ලබාගනිමින් තරගය ජයග්‍රහණය කළේය.