ඉන්දියානු ජනප්‍රිය නිලියක වන හීනා ඛාන් ගැන ඇසෙන සංවේදී පුවත
2024 June 28- Page Views : 1187
ජනප්‍රිය ඉන්දියානු නිලියක ගැන ඇසෙන දුක්මුසු පුවතක් තමයි මේ.
ජනප්‍රිය නිලි හීනා ඛාන් වර්තමාන සෞඛ්‍ය තත්වය ගැන හෙළි කර තිබෙනවා.
ඇය ඉන්ස්ටා ගිනුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙන්නේ ඇය පියයුරු පිළිකාවක තුන්වන අදියරයේ සිටින බවටයි.
කෙසේ නමුත් ඇය පවසන අන්දමට මේ වනවිටත් ඇය ප්‍රතිකාර ආරම්භ කර තිබෙනවා.
ඇයගේ මෙම රෝගී තත්වය සුව කරගෙන යථා තත්වයට පත්වීමට බලාපොරොත්තුවන බවටත් ඇය එම ඉන්ස්ටා සටහනේ තබා තිබුණ බවට ඉන්දීය මාධ්‍ය සඳහන් කර තිබෙනවා.