දරු තිදෙනා පොලීසියට දී කෝච්චියට පනින්න ගිය මවගේ උත්සාහය වරදී
2024 July 10- Page Views : 1873
තම දරුවන් දෙදෙනා හැටන් පොලිසියේ කාන්තා කාර්යංශය වෙත භාර දි දුම්රියට පැන සියදිවි හානි කර ගැනිමට උත්සහ කළ තිදරු මවක් පොලිස් භාරයට ගෙන දික්ඔය මුලික රෝහලට ඇතුළු කිරිමට හැටන් පොලිසියේ කාන්තා කාර්යංශයේ නිලධාරින් කටයුතු කර තිබේ.
හැටන් දික්ඔය ප්‍රදේශයේ පදිංචි තිදරු මව හැටන් පොලිසිය වෙත පැමිණ තම සැමියා සමග ජිවත් විමට නොහැකි බව පවසා ඇත.
පසුව ඇය වයස අවු 08,06,04 වයස් වල පසුවන පිරිමි දරුවන් දෙදෙනෙකු සහ එක් ගැහැණු දරුවෙකු ඇතුළු දරුවන් තිදෙනා පොලිස් භාරයට ගන්නා ලෙස පවසමින් ඉල්ලීමක් කර තිබේ.
අනතුරුව හැටන් පොලිසියේ කාන්තා කාර්යංශයේ දරුවන් තිදෙනා පොලිසියේ රදවා ඇය දුම්රිය ස්ථානය වෙත ගමන් කිරිමට උත්සහ කිරිමේදි කාන්තා පොලිස් නිලධාරින් එම තිදරු මව පොලිස් භාරයට ගෙන දික්ඔය මුලික රෝහල වෙත භාර දි දරුවන් තිදෙනා පියා වෙත භාර දිමට කටයුතු කළ බව පොලීසිය කියයි.