WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

චමරිගෙන් ශතකයක්

2024 July 22- Page Views : 219

ආසියානු කුසලාන කාන්තා ක්‍රීකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ මලයාසියානු කාන්තා කණ්ඩායම අතර තරගය මේ වනවිට දඹුල්ලේ පැවැත්වෙයි.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 04ක් දැවී ලකුණු 184ක් රැස් කර ගැනීම සමත්විය.

එම තරගයේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නොදැවී ලකුණු 119ක් රැස් කිරීමට සමත් වූවාය.

ඇය එම ශතකය රැස් කර තිබුණේ හතරේ පහර 14ක් සහ හයේ පහර 7ක් එල්ල කරමිනි.

එය අසියානු කුසලාන කාන්තා 20යි 20 ක්‍රිකට් තරගයක රැස්කළ පළමු ශතකයද වෙයි.