ආසියානු කිරුළේ ජයග්රාහිකාවන්ට කෝටි 15 ක මුදල් ත්‍යාගයක්
2024 July 30- Page Views : 360 ආසියානු කුසලානයේ කාන්තා ක්‍රිකට් ශූරතාව දිනාගනිමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලැබූ විශිෂ්ට ජයග්‍රහණය අගයමින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇමෙරිකානු ඩොලර් 500,000 ක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 15 ක) මුදල් ත්‍යාගයක් පිරිනැමීමට සිදුකරන ලද බව ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
කණ්ඩායමේ කැපවීම, කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ ක්‍රීඩාංගණයේදී පෙන්නුම් කළ නොපසුබට උත්සාහය අගය කරමින් ඊයේ(29) කොළඹදී පැවැති උපහාර පිරිනැමීමේ උත්සවයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම චෙක්පත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා චමරි අතපත්තුට පිරිනැමීමට සිදු කෙරුණා.
ශ්‍රී ලාංකිකයින්ට ඉමහත් ආඩම්බරයක් ගෙන දුන් මේ සුවිශේෂී ජයග්‍රහණය ලද ක්‍රීඩිකාවන්ට උපහාර දැක්වීම පිණිස පැවති මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරුන් වන ආචාර්ය ජයන්ත ධර්මදාස සහ ආසියානු කුසලාන තරගාවලියේ අධ්‍යක්ෂකවරයා ලෙසින්ද කටයුතු කළ රවීන් වික්‍රමරත්න යන මහත්වරුන් ද සහභාගීව සිටියා.