ඊශ්‍රායලයට පහර දෙනු
2024 August 01- Page Views : 13 කෙළින්ම ඊශ්‍රායලයට පහර දෙන්නැයි, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී අණ දී තිබේ.
ඉරාන උත්තරීතර නායකයා මෙසේ අණ කළේ, ඊශ්‍රායලය ඉරානයේ දී හමාස් දේශපාලන අංශ නායක ඉස්මායිල් හානියේ ඝාතනය කිරීමත් සමඟය.
ඉරාන උත්තරීතර නායකයා, ඊශ්‍රායලයට පහර දෙන්නැයි ඉරාන ආරක්ෂක අංශවලට අණ කළේ, හානියේ ඝාතනය සම්බන්ධයෙන් ඉරාන ආරක්ෂක මණ්ඩලය හදිසි සැසියක් පැවැත්වූ අවස්ථාවේදීය.